Tuesday, March 6, 2018

ව්‍යාපාරික ලෝකය සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය

තොරතුරු සන්නිවේදන තාක්ෂණයේ ආගමනයත් සමග නූතන ව්‍යාපාරික ලෝකයේ සිදුවූ වෙනස්කම් සලකා බැලීමේදී නවීන තාක්ෂණයත් සමඟ ව්‍යාපාරික මෙහෙයුම් (business operations) වල දැක ගන්නට ලැබෙන නව්‍යතා අතරින් ප්‍රධාන තැනක් ගන්නා විද්‍යුත් වානිජ්‍ය(Electronic commerce) හා විද්‍යුත් ව්‍යාපාර (Electronic Business) යන සංකල්ප පිළිබඳ මෙම ලිපියේදී අපි සලකා බලමු.

විද්‍යුත් වානිජ්‍ය(Electronic commerce)

‘විද්‍යුත් වාණිජ්‍ය අන්තර්ජාලය මගින් ප්‍රචාරණ කටයුතු සිදු කළ හැකි ය. විද්‍යුත් තැපෑල මගින් පාරිභෝගිකයන් හා ඍජුවම සම්බන්ධ විය හැකි ය. විද්‍යුත් වාණිජ්‍ය මගින් විද්‍යුත් භාණ්ඩ (මෘදුකාංග, ගීත, චිත්‍රපට, පරිගණක කී්‍රඩා වැනි) හුවමාරු කර ගත හැකි ය. එසේම වෙබ් එක මගින් කෙඩිට් කාඩ් භාවිතා කර මුදල් ගෙවිය හැක. මේ අකාරයට අන්තර්ජාලය හරහා ගනුදෙනු සිදු කළ හැකි ය. මෙය විද්‍යුත් වාණිජ්‍යය ලෙස හැඳින් වේ.
අන්තර්ජාලය හරහා සිදු කරන හුදු ප්‍රචාරණය විද්‍යුත් වාණිජ්‍යය ලෙස සැලකිය නොහැක. එය විද්‍යුත් වාණිජ්‍යයේ එක් කොටසක් පමණි. උදාහරණයක් ලෙස බොහෝ ව්‍යාපාර සංවිධාන සඳහා වෙබ් අඩවි තිබේ. ඒවා මගින් ඔවුන් තම භාණ්ඩ හා සේවා පිළිබඳ එ මගින් පාරිභෝගිකයන්ට විස්තර ලබා දේ. එම ආයතන විද්‍යුත් වාණිජ කටයුතුවල නිරත වේ යැයි පැවසීමට එය පමණක් ප්‍රමාණවත් නොවේ. නමුත් යම් වෙබ් අඩවියක් හරහා භාණ්ඩ විකිණීම වැනි කාර්යයක නිරතවන්නේ නම් එය විද්‍යුත් වාණිජ්‍යය ලෙස හැඳින් වේ.
විද්‍යුත් වාණිජ්‍යය සාමාන්‍යයෙන් e-commerce ලෙස හැඳින්වේ. විද්‍යුත් වාණිජ්‍යය යනු අන්තර්ජාලය වැනි පරිගණක හා සබැදි සන්නිවේදන ජාල හරහා භාණ්ඩ හා සේවා මිල දී ගැනීම හා විකිණීමයි. විද්‍යුත් මාධ්‍යයෙන් කෙරෙන ගනුදෙනු අන්තර්ජාල භාවිතයේ ශිඝ්‍ර වර්ධනය නිසා විශාල ලෙස ව්‍යාප්ත වී ඇත. නවීන විද්‍යුත් වාණිජ්‍ය ගනුදෙනුවලදී එක් විටෙක හෝ බොහෝ විට අන්තර්ජාලය භාවිතා කරන අතර විද්‍යුත් තැපෑල ද බහුලව භාවිතා කෙරේ. විද්‍යුත් අරමුදල් පැවරිම, සැපයුම් කළමණාකරණය, අන්තර්ජාල වෙළඳාම, අන්තර්ජාල ගනුදෙනු කි්‍රයාවලිය, විද්‍යුත් දත්ත හුවමාරුව,නිෂ්පාදන කළමණාකරණ පද්ධති සහ ස්වයංකී්‍රය දත්ත එකතු කිරිමේ පද්ධතිය යනාදී උපකාරක පද්ධති මත නුතන විද්‍යුත් වාණිජ්‍යයේ වර්ධනය රඳා පවතී. විද්‍යුත් වාණිජ්‍යය ගනුදෙනු ක්‍රියාවලියේ සමහර කොටස් වලදි ඉතා අඩුවෙන් ලෝක ව්‍යාප්ත ජාලය භාවිතා වේ. නමුත් එයට හැකි තාක්ෂණික ව්‍යාප්තිය සමඟ ව්‍යාප්ත දිගු ගමනක නියැළී සිටී. එහි අනාගතය මෙසේ යැයි පුරෝකතනය පවා අපහසුය. අන්තර්ජාලය විශ්වය දක්වා දියත්වීම ඇරඹී ඇත. විද්‍යුත් වාණිජ්‍යය ද ඒ සමඟ මුළු විශ්වය පුරාම විහිදෙනු ඇත.
විද්‍යුත් වාණිජ්‍යයේ නියුතු විශාල පිරිසක් අන්තර්ජාලය භාවිතා කරන්නේ වෙබ් අඩවිවලට පිවිස තමන්ට අවශ්‍ය භාණ්ඩ හා සේවා සොයා ගැනීමය. ඒ ඔස්සේ භාණඩ හා සේවා තෝරා ගන්නා අතර ඉන් පසු හුවමාරු ක්‍රියාවලියට ගමන් කරයි. අන්තර්ජාලය හුදු සන්නිවේදන ජාලයක් වනමුත් එමගින් හුවමාරු කර ගත හැක්කේ සේවා පමණි. නමුත් සමහර වෙළෙන්ඳෝ භෞතික මාර්ග ප්‍රවාහනය සම්බන්ධ කර භාණ්ඩ හුවමාරුව සඳහා පියවර ගෙන ඇත. අන්තර්ජාලය තුළ සිල්ලර වෙළෙන්දන් සමහර විට ඊ-වෙළෙන්ඳන් ලෙසත් අන්තර්ජාල සිල්ලර ගනුදෙනු ඊ-සිල්ලර වෙළඳාම ලෙසත් හැඳින්වේ. ලෝක ව්‍යාප්ත ජාලය තුළට විද්‍යුත් වාණිජ්‍ය පැමිණිම සමඟ විශාල සිල්ලර ගනුදෙනු සඳහා මගක් උදා විය.
ඉතින් කෙටියෙන්ම කියනවනම් මේ e-commerce කියන්නේ අන්තර්ජාලය හෝ වෙනත් ඉලෙක්ට්‍රොනික ජාලයක් හරහා සිදුවන භාණ්ඩ හා සේවා විකිණීම හෝ මිලදී ගැනීමයි.(commerce එහෙමත් නැත්නම් වානිජ්‍ය කියන්නේ මිලට ගැනිම හා විකිණීමි)
ඊ-වාණිජ්‍ය පහත සඳහන් අංග වලින් සමන්විතයි:
  • වෙබ් අඩවි වල ප්‍රදර්ශණය කළ භාණ්ඩ නාමාවලි (online catalogs) වලින් සමන්විත අථත්‍ය වෙළඳ සැල් (virtual storefronts)
  • වෙබ් අඩවි හරහා සිදු වන භාණ්ඩ හා සේවා විකිණීම හා මිලදී ගැනීම
  • සමාජ මාධ්‍ය හා සංනිවේදනය (social media and web contacts) හරහා සිදුවන ජනවිකාස දත්ත (demographic data) එකතු කිරීම සහ පරිහරණය
  • ඉලෙක්ට්‍රොනික දත්ත අතුරුමාරුව (Electronic Data Interchange)
  • ගණුදෙනු වල සුරක්ෂිත භාවය තහවුරු කිරීම
ගැණුම්කරුවන්, විකුණුම්කරුවන්, අතරමැදියන්,රජයේ ප්‍රතිපත්ති වැනී දේ ඊ වානිජ්‍යයයෙහි ආධාරක ලෙස හැදින්විය හැකියි.

විද්‍යුත් ව්‍යාපාර(Electronic Business)

කෙටියෙන්ම අර්ථ දක්වනවානම් ඊ ව්‍යාපාර කියන්නේ, අන්තර්ජාලය හරහා භාණ්ඩ මිලදී ගැනීම, විකිණීම හා සේවා සැපයීමයි.විද්‍යුත් ව්‍යාපාර පදනම තුලට අවතීර්න නොවී විද්‍යුත් වානිජ්‍ය සාර්ථකව ක්‍රියාත්මක කර ගන්න බැහැ.
ඊ-ව්‍යාපාර මඟින් ආයතනයකට පහත සඳහන් පහසුකම් ලබා දෙනු ලැබේ.
  • ව්‍යාපාරයේ අභ්‍යන්තර හා බාහිර දත්ත සැකසුම් පද්ධති එකට සම්බන්ධ කිරීම
  • සැපයුම්කරුවන් හා කොටස්කරුවන් සමඟ වඩාත් සමීපව වැඩ කටයුතු කිරීම
  • පාරිභෝගික අවශ්‍යතා වඩාත් සාර්ථකව තෘප්තිමත් කිරීම
ඊ-ව්‍යාපාර ක්‍රමෝපායන් හරහා ව්‍යාපාරයක අභ්‍යන්තර පරිසරය හා බාහිර පරිසරය සමායෝජනය කරන නිසා එහි කාර්යක්ෂම පැවැත්ම සඳහා අභ්‍යන්තර සංනිවේදන ජාල (intranets), බාහිර සංනිවේදන ජාල (extranets), වගේම අන්තර්ජාලයත් (the Internet) අවශ්‍යයි. ඊ-ව්‍යාපාර හරහා ආවරණය වන ක්‍රියාවලි ප්‍රධාන කොටස් 3 කට බෙදිය හැකියි.
1. ව්‍යාපාරයේ අභ්‍යන්තර ක්‍රියාවලි (internal business processes)
  • පාරිභෝගික සම්බන්ධතා කළමණාකරණය (Customer Relationship Management)
  • සම්පත් සැළසුම් කිරීම  (Enterprise Resource Planning)
  • ලිපි ලේඛන කළමණාකරණය (Document Management)
  • මානව සම්පත් කළමණාකරණය  (Human Resource Management)
2. ව්‍යාපාර සංනිවේදනය හා සහයෝගිතාව (enterprise communication and collaboration)
 
3. ඊ වාණිජ්‍ය (e – Commerce)
විද්‍යුත් ව්‍යාපාරවල වාසි සහ අවාසි.
විද්‍යුත් ව්‍යාපාර සේවය ලබාගන්නා සහ ලබාදෙන්නා අතර විශ්වාසය මත රඳා පවතී.
වාසි:
  • භාණ්ඩ විකිණීමෙන් පසු සහය දීම, ක්‍රියාකාරීත්වය හා මඟපෙන්වීම.
  • ආකර්ශනීය භාණ්ඩ තෝරා ගැනීම
  • තරගකාරී මිලගණන්
  • තෘප්තිමත් බව සහතික වීම
  • වේගවත් සේවාවන්
  • පහසුවෙන් ළඟිවිය හැකි පිටු
  • ඉක්මන් මිලදීගැනීම් හා බෙදාහැරීම්
  • දැන්වීම්
  • තෑගි දීම්, වට්ටම්, විශේෂ තෑගි
  • පාරිභෝගිකයාට පුද්ගලික අවධානය යොමු කිරීම
  • කථන කාමර, විද්‍යුත් සමාජ, ප්‍රවෘත්ති කණ්ඩායම්, සමාජීය අන්තර් සබඳතා.

අවාසි:

  • ඇනවුම් කළ භාණ්ඩවල විශ්වාසවන්ත බව නොමැතිවීම
  • ඇනවුම් කළ භාණ්ඩවල තොරතුරුවල විශ්වාසවන්ත බව නොමැතිවීම
  • විකුණන සමාගම් අතර සබඳතාවක් නැතිවීම
  • මුදල් ගෙවීමේදී ණය පත් වල විශ්වාසවන්තභාවය ගැටලු සහගත වීම
  • ඉතිරි මුදල් ගැන අනාරක්ෂිත බව
  • එවනු ලබන භාණ්ඩ වල අනාරක්ෂිත බව
සරල රූප සටහනක් මගින් පෙන්නනවානම් මේ සංකල්ප දෙක අතර තියෙන්නෙ මේ වගේ සම්බන්ධයක්..
a/l commerce කරන නංගිල මල්ලිලට පුංච් අත්වැලක් වෙයි කියල හිතනවා මේ ලිපිය.
-My only happiness is sharing my knowledge.-

මෙහෙයුම් පද්ධති (Operating Systems)



පරිගණකයක ක්‍රියාකාරිත්වයට අදාළ වන අත්‍යවශ්‍යම මෘදුකාංග පද්ධතිය මොකක්ද කියල කවුරුන් හෝ විමසුවහොත් ඔබගේ පිළිතුර විය යුත්තේ මෙහෙයුම් පද්ධතිය(operating system ) කියන දේ.මෙම ලිපියෙන් මම ඔයාලට කියන්න යන්නේ පරිගණකය ක්‍රියාත්මක කල විට ස්‌වයංක්‍රියව ක්‍රියාත්මක වී ඉදිරියට වැඩ කරගෙන යාමට අවශ්‍ය පසුබිම සකස් කර දෙන මෙහෙයුම් පද්ධති පිළිබදව. o/l  IT කරන a/l GIT කරන නංගිලට මල්ලිලට වැදගත් වෙයි මේ ලිපිය මොකද එයාලට මුලිකව මේ operating systems ගැන ඉගෙන ගන්න තියනවා. මෙමගින් පරිගණක දෘඩාංග සහ මෘදුකාංග සම්පත් කළමනාකරණය කරන සහ පරිගණක වැඩසටහන් සඳහා පොදු සේවාවන් සපයනවා. මේ අතර පරිගණක මෙහෙයුම් පද්ධති මූලික කාර්යයන් ලෙස යතුරු පුවරුවේ යෙදවුම් හඳුනා ගැනීම, ප්‍රතිදාන තිරය වෙත යැවීම, ගබඩා ධාවකයන් තුල ගොනු සහ නාමාවලි, සහ මුද්‍රණ යන්ත්‍ර වැනි පර්යන්ත උපාංග පාලනය කිරීම වැනි දෑ ද හදුනා ගත හැකියි.
මෙහෙයුම් පද්ධතිය කියන්නෙ පරිශීලක හා පරිගණක දෘඩාංග අතර අතුරු මුහුණතක් ලෙස ක්‍රියාත්මක වන සියලුම වර්ගයේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම පාලනය සිදු කරනු ලබන ඒකකයි.

ජනප්‍රිය මෙහෙයුම් පද්ධති සදහා උදාහරණ:

Microsoft window:  මෙය පෞද්ගලික හා ව්‍යාපාරික පරිගණක සදහා උපකාර වන සේවාවන් රාශියකින් සමන්විත වන අතර චිත්‍රක පරිශීලක අතුරුමුහුණත (Graphical User Interfaces ), අත්‍යය මතක කළමනාකරණය(virtual memory management), බහු කාර්යයන්(multitasking) සහ බොහෝ පර්යන්ත උපාංග(peripheral devices) සඳහා සහාය දැක්වීම යනාදිය මේ අතර හදුනා ගත හැක.Microsoft windows හි සංස්කරණ ලෙස window xp, ME, vista, windows 3.x, Windows 7, Windows 8 සහ  8.1, Windows 10 යනාදිය හදුනා ගත හැක.
Linux: මෙය දෘඩාංග ගණනාවක් මත ක්‍රියාත්මක වන විවෘත කේත මෙහෙයුම් පද්ධතියකි.
Unix: UNIX පද්ධති සඳහා මයික්රොසොෆ්ට් වින්ඩෝස් වලට සමාන වන චිත්‍රක පරිශීලක අතුරුමුහුණතක් (GUI) ඇත. මෙය ඩෙස්ක්ටොප් සහ ලැප්ටොප් පරිගණක සඳහා ස්ථාවර, බහු-පරිශීලක, බහු කාර්යය පද්ධති  වලින් සමන්විත වේ.
Mac : Mac OS(Apple Macintosh operating system) 2001 සිට Apple inc. විසින් නිෂ්පාදනය කරන ලද හා අලෙවි කරන ලද චිත්‍රක මෙහෙයුම් පද්ධති මාලාවකි. Apple’s Mac පරිගණක පවුල සඳහා මූලික මෙහෙයුම් පද්ධතියකි.

පරිගණක අතුරු මුහුණත් වර්ගීකරණය:

  • බහු පරිශීලක අතුරු මුහුණත්(Multi-User)
එමඟින් එකම පරිගණකයක් එකම වරකදී සහ විවිධ අවස්ථාවලදී භාවිතා කිරීමට බහු පරිශීලකයින්ට ඉඩ ලබා දේ.
  • බහු සැකසුම්(Multi-Processing)
එක් CPU කට වැඩි ගණනක් සහාය හා භාවිත කිරීම.
  • බහු කාර්යයන්(Multi Tasking )
බොහෝ මෘදුකාංග ක්‍රියාදාමයන් එකවර ධාවනය කිරීමට ඉඩ සලසයි.
  • බහු මාධ්‍ය(Multi Threading)
එකම වැඩසටහනක විවිධ කොටස් සමගාමීව ක්‍රිරියාත්මක වීමට ඉඩ දෙන්න.
  • යතාකාලීන(Real Time )
ක්ෂණිකව ආදානය සඳහා ප්‍රතිචාර දක්වයි. DOS හා UNIX මෙහෙයුම් පද්ධති Real time ලෙස  හැදින්වෙන්නේ නැත .

මෙහෙයුම් පද්ධතියේ වැදගත් කාර්යයන් කිහිපයක් පහත දැක්වේ.

  • මතක කළමනාකරණය
  • සැකසුම් කළමනාකරණය
  • උපාංග කළමනාකරණය
  • ගොනු කළමනාකරණය
  • ආරක්ෂාව සදහා
  • පද්ධති ක්‍රියාකාරිත්වය පාලනය කිරීම
  • අනෙක් මෘදුකාංග සහ පරිශීලකයන් අතර සම්බන්ධීකරණය
තවත් ලිපියක් සමග ඉදිරියේදී නැවත හමුවෙමු.

Monday, October 16, 2017

Cloud Computing




Cloud computing traces its origins back to the 1960s, when the computer industry recognized the potential benefits of delivering computing as a service or a utility. But due to the lack of connectivity and the bandwidths in implementing the computing as a service It wasn't became practical. But withthe broad availability of internet bandwidth in the late 1990s the computing as a service bacame more practcal.


Cloud computing, Finally this can be generally define as delivery of hosted services over the internet.This is a computing paradigm, where a large pool of systems are connected in private or public networks, to provide dynamically scalable infrastructure for application, data and file storage. Applications such as e-mail,web conferencing,Customer relationship management(CRM) is run on cloud.

There are 03 types of clouds namely private, public and hybrid.Enterprises can choose to deploy applications from these 03.
These Cloud Integrators can play a vital part in determining the right cloud path for each organization. 

Private Cloud:

Private clouds are built exclusive for a single enterprise. Here the services are delivered from a business's data center to internal users.
Example:HP Data Centers
There are 02 variations to a private cloud.

01)On-premise Private Cloud: Also it is known as internal clouds and these are hosted within one‟s own data center. This model provides a more standardized process and protection, but is limited in aspects of size and scalability.For the applications which require complete control and configurability of the infrastructure and security this is best suited service.
02)Externally hosted Private Cloud: This type of private cloud is hosted externally with a cloud provider, where the provider facilitates an exclusive cloud environment with full guarantee of privacy. This is best suited for enterprises that don‟t prefer a public cloud due to sharing of physical resources

Public cloud: 

This is a third-party cloud service provider and delivers the cloud service over the internet.Example:Amazon

Hybrid Cloud:

This is a combination of public cloud services and an on-premises private cloud.This integrated cloud service utilize to perform distinct functions within the same organization. In an organization with hybrid cloud can maximize their efficiencies by employing public cloud services for all sensitive operations.
Example:ERP in private Cloud
Sales & Email on public

Cloud computing is a practical approach to experience direct cost benefits for both the business and the end user. And it has the potential to transform a data center from a capital-intensive set up to a variable priced environment.With the advent of this technology, the cost of computation, application hosting, content storage and delivery is reduced significantly.

Though these can be identified as the benefits of using this amazing technology.

-It reduce the complexity of the networks
-Do not have to buy software lisences.
-Cloud providers that have specialized in a particular area(such as e-mail) 
-can bring advanced services that a single company might not be able to afford or develop.
-informations at cloud are not easily lost also the unlimited storage capacity.
-Scalibility, reliability and efficiency

As the advantages there are disadvantages also to identify in cloud computing.

-This technology requires a constant internet connection
-Also not work well with low-speed connections
-Without the internet connection you cannot access atleast your own documet.
-Lack of control and there may be a challenge in the security and the privacy of Data.

Cloud services will demand expertise in distributed services, procurement, risk assessment and service negotiation areas that many enterprises are only modestly equipped to handle.In the next article we will look in to the services of the cloud computing.