Tuesday, March 6, 2018

මෙහෙයුම් පද්ධති (Operating Systems)



පරිගණකයක ක්‍රියාකාරිත්වයට අදාළ වන අත්‍යවශ්‍යම මෘදුකාංග පද්ධතිය මොකක්ද කියල කවුරුන් හෝ විමසුවහොත් ඔබගේ පිළිතුර විය යුත්තේ මෙහෙයුම් පද්ධතිය(operating system ) කියන දේ.මෙම ලිපියෙන් මම ඔයාලට කියන්න යන්නේ පරිගණකය ක්‍රියාත්මක කල විට ස්‌වයංක්‍රියව ක්‍රියාත්මක වී ඉදිරියට වැඩ කරගෙන යාමට අවශ්‍ය පසුබිම සකස් කර දෙන මෙහෙයුම් පද්ධති පිළිබදව. o/l  IT කරන a/l GIT කරන නංගිලට මල්ලිලට වැදගත් වෙයි මේ ලිපිය මොකද එයාලට මුලිකව මේ operating systems ගැන ඉගෙන ගන්න තියනවා. මෙමගින් පරිගණක දෘඩාංග සහ මෘදුකාංග සම්පත් කළමනාකරණය කරන සහ පරිගණක වැඩසටහන් සඳහා පොදු සේවාවන් සපයනවා. මේ අතර පරිගණක මෙහෙයුම් පද්ධති මූලික කාර්යයන් ලෙස යතුරු පුවරුවේ යෙදවුම් හඳුනා ගැනීම, ප්‍රතිදාන තිරය වෙත යැවීම, ගබඩා ධාවකයන් තුල ගොනු සහ නාමාවලි, සහ මුද්‍රණ යන්ත්‍ර වැනි පර්යන්ත උපාංග පාලනය කිරීම වැනි දෑ ද හදුනා ගත හැකියි.
මෙහෙයුම් පද්ධතිය කියන්නෙ පරිශීලක හා පරිගණක දෘඩාංග අතර අතුරු මුහුණතක් ලෙස ක්‍රියාත්මක වන සියලුම වර්ගයේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම පාලනය සිදු කරනු ලබන ඒකකයි.

ජනප්‍රිය මෙහෙයුම් පද්ධති සදහා උදාහරණ:

Microsoft window:  මෙය පෞද්ගලික හා ව්‍යාපාරික පරිගණක සදහා උපකාර වන සේවාවන් රාශියකින් සමන්විත වන අතර චිත්‍රක පරිශීලක අතුරුමුහුණත (Graphical User Interfaces ), අත්‍යය මතක කළමනාකරණය(virtual memory management), බහු කාර්යයන්(multitasking) සහ බොහෝ පර්යන්ත උපාංග(peripheral devices) සඳහා සහාය දැක්වීම යනාදිය මේ අතර හදුනා ගත හැක.Microsoft windows හි සංස්කරණ ලෙස window xp, ME, vista, windows 3.x, Windows 7, Windows 8 සහ  8.1, Windows 10 යනාදිය හදුනා ගත හැක.
Linux: මෙය දෘඩාංග ගණනාවක් මත ක්‍රියාත්මක වන විවෘත කේත මෙහෙයුම් පද්ධතියකි.
Unix: UNIX පද්ධති සඳහා මයික්රොසොෆ්ට් වින්ඩෝස් වලට සමාන වන චිත්‍රක පරිශීලක අතුරුමුහුණතක් (GUI) ඇත. මෙය ඩෙස්ක්ටොප් සහ ලැප්ටොප් පරිගණක සඳහා ස්ථාවර, බහු-පරිශීලක, බහු කාර්යය පද්ධති  වලින් සමන්විත වේ.
Mac : Mac OS(Apple Macintosh operating system) 2001 සිට Apple inc. විසින් නිෂ්පාදනය කරන ලද හා අලෙවි කරන ලද චිත්‍රක මෙහෙයුම් පද්ධති මාලාවකි. Apple’s Mac පරිගණක පවුල සඳහා මූලික මෙහෙයුම් පද්ධතියකි.

පරිගණක අතුරු මුහුණත් වර්ගීකරණය:

  • බහු පරිශීලක අතුරු මුහුණත්(Multi-User)
එමඟින් එකම පරිගණකයක් එකම වරකදී සහ විවිධ අවස්ථාවලදී භාවිතා කිරීමට බහු පරිශීලකයින්ට ඉඩ ලබා දේ.
  • බහු සැකසුම්(Multi-Processing)
එක් CPU කට වැඩි ගණනක් සහාය හා භාවිත කිරීම.
  • බහු කාර්යයන්(Multi Tasking )
බොහෝ මෘදුකාංග ක්‍රියාදාමයන් එකවර ධාවනය කිරීමට ඉඩ සලසයි.
  • බහු මාධ්‍ය(Multi Threading)
එකම වැඩසටහනක විවිධ කොටස් සමගාමීව ක්‍රිරියාත්මක වීමට ඉඩ දෙන්න.
  • යතාකාලීන(Real Time )
ක්ෂණිකව ආදානය සඳහා ප්‍රතිචාර දක්වයි. DOS හා UNIX මෙහෙයුම් පද්ධති Real time ලෙස  හැදින්වෙන්නේ නැත .

මෙහෙයුම් පද්ධතියේ වැදගත් කාර්යයන් කිහිපයක් පහත දැක්වේ.

  • මතක කළමනාකරණය
  • සැකසුම් කළමනාකරණය
  • උපාංග කළමනාකරණය
  • ගොනු කළමනාකරණය
  • ආරක්ෂාව සදහා
  • පද්ධති ක්‍රියාකාරිත්වය පාලනය කිරීම
  • අනෙක් මෘදුකාංග සහ පරිශීලකයන් අතර සම්බන්ධීකරණය
තවත් ලිපියක් සමග ඉදිරියේදී නැවත හමුවෙමු.

No comments:

Post a Comment